Wednesday, March 16, 2016

වකුගඩු සහ මුත්‍රාවල ගල් පහකරන පොල්වතුර


පොල් ගෙඩියක් බින්දම එහි වතුර අහක දැමීම සාමාන්‍ය ගෘහණියකගේ සිරිතක්. යුගයේ ජීවත් වූ ගෘහණියන් පොල් වතුර ටික කෝපපයකට දමා දරුවාට වෙළුම් පණුවෝ අමාරුවෙන් දරුවාව ආරක්ෂා කරගන්නටත්. නමුත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් පොල් වතුර කියන්නේ හොඳ පෝෂ්‍යදායි පානයක්.
නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද? පොල් වතුරින් ලැබෙන මේ ගණය පිළිබඳව ඔබ දැනුවත් වූවොත් පොල් ගෙඩියක් බිඳලා අහක දමන පොල් වතුර ටික කිසිදිනක ඉවතලන්නේ නැහැ. කෝලා වර්ග පානය කරල ලෙඩ රෝග හදාගන්නවාට වඩා නොමිලේ ලැබෙන පොල් වතුර ටික බිව්වොත් නරකද?
දැන් අපි බලමු පොල් වතුරේ ඇති ගුණය පිළිබඳව
පොල් වතුර ආශි‍්‍රත වෙනත් පාන
පොල්ගෙඩිය විවිධ අයුරින් අපගේ පරිභෝජනයට ගනු ලබයි. ව්‍යංජනවලට පොල්කිරි නැතුවම බැරි ලෙස අද හොඳ ඉල්ලුමක් පවතී. තෙලිජ්ජ, පොල් රා, විනාකිරි පොල් ආශි‍්‍රතව ලබාගත හැකි වෙනත් ද්‍රව්‍යයන්ය. විනාකිරි ඖෂධ සඳහා භාවිතයට ගනී. තෙලිජ්ජ සහ පොල් රා ශී‍්‍ර ලාංකික ගැමියාගේ දේශීයව නිපදවෙන ඉතාමත් ජනපි‍්‍රය පාන වර්ගය.
පෝෂණ ගුණයෙන් ඉහළයි
පොල් ගෙඩියේ හැදෙන පැලපීවලත් ගුණය ඉහළින්ම පවතී. පොල් වතුරින් අපට ලැබෙන ප්‍රයෝජන බොහෝයි. මන්දපෝෂණය දුරු කරදීමට උදව් දෙයි. එසේම පිරිමින්ගේ සරුබව වැඩි කරයි. ශක්තිය වඩයි. බලය වඩයි. මහත සිරුර කෙට්ටු කර දෙයි.
ශරීරයේ සියුම්බව ඇති කරයි. එනම් සම සෞම්‍යව තබා ගැනීමට උදව් දෙයි. පරිවෘත්තීය වේගය වැඩි කරයි. ශරීරයේ පටක හොඳින් ක්‍රියාත්මක කර දෙයි. ශරීර ප්‍රතිශක්තිය වැඩි කරයි. ශරීරයේ ඇති විෂ කොටස් ඉවත් කරයි. ආහාර මාර්ගය පවිත්‍ර කිරීමට උදව් වෙයි.
මළ බද්ධයට සුදුසුයි
කෑම රුචිය ඇති කරයි. ආහාර ගත් පසු සිදුවන ක්‍රියාවන් හොඳින් ක්‍රියාත්මක කරයි. ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. මළ හොඳින් පිට කරයි. මළ බද්ධය නැති කරයි. කිරිපණු රෝගයට හොඳයි.
වෙහෙස නිවනා පොල් වතුර
පොල් වතුර බීමක් ලෙස අපට ගැනිය හැක්කේ එහි ඇති රසය නිසාවෙනි. වෙහෙස නිවීමට, පිපාසය සංසිඳවීමට උපකාරි වන පානයකි. ශරීරයට සීතල ගුණයක් ලබා දේ. විජලනය නැති කරයි. සිරුර ප්‍රාණවත්ව තබා ගැනීමට උදව් දෙයි. ක්ෂණික ශක්තිය ලබා දෙයි. ගර්භණීන්ගේ වමනය හා ඔක්කාරය නැති කරයි.
කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණයි
කුඩා දරුවන්ගේ පණු රෝග දුරු කරයි. පොල් වතුර පානයට දීමෙන් කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උදව් වෙයි. මුත්‍රා හොඳින් පිටකර දෙයි.
සමට හිතයි
සමේ කැසිල්ල ඇතිවිට එය දුරු කර දෙයි. ශරීරයේ ද්‍රව තුලිත බව රැක දෙයි. දැවිල්ල නැති කර දෙයි. පිළිස්සීමෙන් ඇතිවන බිබිලි නැති කර දෙයි. පැපොල, සරම්ප, රෝගවලදී ඇතිවන පැල්ලම් පොල් වතුර ආලේප කිරීමෙන් නැති වෙයි. හොඳින් දහදිය පිට කරයි. ශරීරයේ සම සිනිඳු හා සුමට කරයි. සමේ පිළිකා නැති කරයි. සමේ රෝග වළකයි. ඉරි තැලීම්, පැලීම් නැති කරයි.
පොල් වතුරින් ලැබෙන ප්‍රයෝජන
රුධිර සංසරණ ක්‍රියාවලියට හොඳින් උදව් කරයි. රුධිර පීඩනය පාලනය කරයි. වකුගඩු හා අක්මාවේ ක්‍රියාව පාලනය කරයි. හිසරදයට සුදුසුයි. බැක්ටීරියා, වෛරස්, දිලීර ආසාදන නැති කරයි.
සන්ධි දිරීම වළකයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු කරයි. ශරීරයේ ආතතිය දුරු කරයි. දියවැඩියාව පාලනය කරයි. වකුගඩු හා මුත්‍රා ගල් පහ කරයි. එහි ඇති පිළිකා අවදානම අඩු කරයි
වෛරස් උණ රෝගය
උෂ්ණ කාලයේදී ශරීරය සිසිල් කරයි. ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීමට උදව් දෙයි. ඒ නිසා වෛරස් උණ පාලනය කරයි...

ස්වර්ණා ආරියවංශ

(උපුටා ගත්තේ දිනමිණ ආරෝග්‍යා පුවත්පතෙනි )


No comments:

Post a Comment